කොවිඩ් රෝගියෙක් හමුවී නවසීලන්තය වසයි

by admindasun
0 comment 75 views

මාස 06කට පසු එක් කොවිඩ් ආසාධිතයෙකු නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයෙන් වාර්තා වීම නිසා අද රාත්‍රි සිට රට තාවකාලිකව වසා දමන බව නවසීලන්ත රජය නිවේදනය කරයි.

නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නගරයෙන් වාර්තා වුණු මෙම ආසාධිතයාට වෛරසය පැමිණි ආකාරය තවමත් සොයාගෙන නොමැති.

ඒ අනුව අද රාත්‍රි 12 සිට දින 03ක් දක්වා මුළු රටම දැඩි අගුළු දැමීමකට ලක් කෙරෙන අතර ඔක්ලන්ඩ් නගරය සතියක පමණ කාලයකට වසා දැමේ.

නවසීලන්තයේ අවසන් වරට කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වුණේ පසුගිය පෙබරවාරි මාසයේ වන අතර මේ වන විට රෝගය ආසාධනය වූ මුළු සංඛ්‍යාව 2500කි. කොවිඩ්වලින් නවසීලන්තයේ 26ක් මිය ගොස් ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment