බුර්කිීනා ෆසෝහි ප්‍රහාරයකින් 130ක් මරුට

by admindasun
0 comment 50 views

බටහිර අප්‍රිකානු රටක් වන බුර්කීනා ෆාසෝහි ගම්මානයක අවිගත් කණ්ඩායමක් විසින් පුද්ගලයින් 132කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගය වසර කිහිපය ඇතුළත සිදු වුණු දරුණුතම ප්‍රහාරයක් ලෙස මෙම ප්‍රහාරය සැළකිය හැකි අතර මෙය රටේ උතුරු ප්‍රදේශයේ ගම්මානයක සිදු වී ඇත.

රාත්‍රිය පුරා සිදු කෙරෙනු මෙම ප්‍රහාරය හේතුවෙන් නිවාස සහ වෙළෙද සල්ද ගිනිබත් වී ඇති බවද එම මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මේ වන විට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීමක් කිසිවෙකු විසින් බාර ගෙන නොමැති බවත් වාර්තා වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment