දරුවන් 10 දෙනෙකු එකවර බිහි කරයි

by admindasun
0 comment 26 views

මේ වන තෙක් පැවති වාර්තාව බිද හෙළමින් දකුණු අප්‍රිකානු කාන්තාවක් එකවර දරුවන් 10 දෙනෙකු බිහි කිරීමේ පුවතක් පසුගියදා දකුණු අප්‍රිකාවෙන් වාර්තා විය.

මව සහ දරුවන් 10 දෙනා සුවදායක තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

37 හැවිරිදි කාන්තාවක් මෙම දරු ප්‍රසූතිය සිදු කර ඇති අතර ඔවුන්ගෙන් 07 දෙනෙකු පිරිමි දරුවන් වන අතර තිදෙනෙකු ගැහැණු දරුවන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ වන තෙක් වැඩිම දරුවන් සංඛ්‍යාවක් බිහි කළ කාන්තාව ලෙස වාර්තා වී තිබුණේ පසුගිය මාසයේ දරුවන් නව දෙනෙකු බිහි කළ මාලි රාජ්‍යයේ 25 හැවිරිදි කාන්තාවකි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment