ඇෆ්ගනිස්ථානයේ ඊයේ රාත්‍රි සිදුවුණු කාර් බෝම්බ පිපිරවීමකින් පාසල් ළමයින් ඇතුළු 30 දෙනෙකු මරණයට පත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම බෝම්බ පිපිරවීම පාසල් ළමුන්ද නවාතැන් ගෙන සිටි ගෙස්ට් හවුස් එකක් අසළ සිදු වුණු අතර එම නිසා එහි වහලයක් කඩා වැටීමෙන් මිනිසුන් ඊට යටවුණු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ ප්‍රකාශ කරති.
ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක කියා සිටියේ මෙම සිද්ධියෙන් 90 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
මෙම බෝම්බ පිපිරීම නිසා ඒ ආසන්නයේ පිහිටි රෝහලක් ඇතුළු නිවාස රැසකට හානි සිදු වී ඇති බවත් ප්‍රකාශක තාරික් ආරියන් පවසයි.
මෙම ප්‍රහාරයේ වගකීම මේ වන විට කිසිවකු බාර ගෙන නොමැති අතර සිකුරාදා දින රාමසාන් උපවාසය අවසන් කරන අවස්ථාවේ මෙම පිපිරීම සිදු වී ඇත.