නවසීලන්තයට භූමි කම්පාවක්

by admindasun
0 comment 80 views

නවසීලන්තයේ කර්මඩෙක් දූපත් ප්‍රදේශයට අද දින රික්ටර් මාපකයේ 7.1 ලෙස සටහන් වූ ප්‍රභල භූ කම්පනයක් ඇති විී ඇත.

ඒ සමග එම ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කළ පරිදි භූමිකම්පාව කිලෝමීටර් 10 (සැතපුම් 6.21) ගැඹුරින් සිදුවී ඇති බවයි. භූමිකම්පාවෙන් පසු ඊට අනුරූපව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

නමුත් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය කර්මඩෙක් දූපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පැය කිහිපයකට පසු නවසීලන්ත ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය පැවසුවේ දකුණු කර්මඩෙක් දූපත්වල භූමිකම්පාවෙන් පසු නවසීලන්තයට සුනාමි තර්ජනයක් නොමැති බවයි.

කෙසේ වෙතත් මේ සමග ඔස්ට්‍රේලියාවට සුනාමි තර්ජණයක් නොමැති බව එරට කාලගුණ විද්‍යා කාර්යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මීට පෙර මාර්තු 4 වන දින රික්ටර් මාපකයේ 6.9 ක භූමිකම්පාවක් එම කර්මඩෙක් දූපත් කලාපයටම බලපෑ අතර භූමිකම්පා ගැඹුර කිලෝමීටර 152 (සැතපුම් 94) ගැඹුරින් වාර්තා වූ බව USGS පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment