හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි දිනපතා රාත්‍රි 10 සිට අළුයම 04 දක්වා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බව කොවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මීට සුළු මෙහොතකට පෙර නිවේදනය කළේය.
දැනට සීඝ්‍රයෙන් පැතිරී යන වසංගත වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.
මෙම ඇදිරි නීතිය පැනවීම නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන අතර අත්‍යවශ්‍ය සේවා සදහා මෙය අදාළ නොවන බවත් එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
