242ක් මැරුණු පසු ඊශ්‍රායල් – හමාස් සටන් විරාමයකට

by admindasun
0 comment 47 views

දින 11ක් පුරා පැවති දරුණු සටන්වලින් පසුව ඊශ්‍රායලය සහ පලස්තීනු හමාස් සංවිධානය සටන් විරාමයකට පැමිණීමට එකග වී ඇත.

කෙසේ වෙතත් පසුගිය දින 11 මුළුල්ලේ පැවති ප්‍රහාරවලින් පලස්තීනයේ 230ක් සහ ඊශ්‍රායලයේ 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන ගාසා තීරයට එල්ල කරන බෝම්බ ප්‍රහාර නවත්වන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලය වෙත පීඩනය එල්ල කරමින් ඇමෙරිකානු ජනපති ජෝ. බයිඩන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට පවසා තිබුණේ සටන් විරාමයකට එළඹෙන ලෙසයි.

මීට පෙර තම ඉලක්කය අවසන් වන තුරු යුද්ධය නොනවත්වන බවට නෙතන්යාහු පවසා තිබුණද බ්‍රහස්පතින්දා රැස්වුණු ආරක්ෂණ මණ්ඩලය තීරණය කර ඇත්තේ ගාසා තීරයට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමටයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment