දළදා මංගල්‍යය භූමියේ Zeroplastic කසළ මෙහෙයුම

by admindasun
0 comment 87 views

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිසරික සංගමයක් වන Zeroplastic විසින් නවතම පරිසර හිතවාදී ක්‍රියාකාරකම් මාලාවක් ආරම්භ කර ඇත්තේ මහනුවර වීදි සංචාරය කෙරෙන පෙරහැර පසුබිම් කොට ගෙනය.

වාර්ෂිකව අගෝස්තුවේ පැවැත්වෙන දළදා පෙරහැර ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ ඓතිහාසික සංකේතයක් වන අතර මුනි දළදා වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමටත්, පෙරහැරේ ආකර්ශණීය බව නිසාමත් එය නැරඹීමට දහස් ගණනින් වූ දෙස් විදෙස් ජනතාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයට රැස් වෙති.

පෙරහැර කාලයට මහනුවර නගරයේ වැඩි ජනගහණයක් ගැවසෙන බැවින් ප්ලාස්ටික් ඇතුළු කසළ එක්‍ රැස්වීමේ ගැටළුවට පිළියමක් ලෙසින් පෙරහැර ආරම්භක දිනයේ සිට අවසානය දක්වා ඒ හා අත්වැල් බැඳ සිටින Zeroplastic සංගමය විසින්, පෙරහැර පවත්වන පරිශ්‍රයේ ඉතිරි වන ප්ලාස්ටික් එකතු කර 300+ ස්වේච්ඡා සාමාජිකයන්ගේ අතිවිශාල සහාය ඇතිව ඒවා නිසි ආකාරයෙන් බැහැර කරයි.

එයට අමතරව මෙම වැඩපිළිවෙළට සමගාමීව සිදුකෙරෙන වැදගත්ම අනාගත ආයෝජනය නම් පෙරහැර නරඹන්නන් අතර චර්යාත්මක වෙනස්කම් වර්ධනය කිරීමේ අරමුණින්, ප්ලාස්ටික් අනිසි ලෙස බැහැර කිරීමේ භයානක ප්‍රතිඵල පිළිබඳව ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබීමයි.

එම වැඩසටහන් සඳහා සහභාගී වීමට කැමති ස්වෙච්ඡා පුද්ගලයන් සියලුදෙනා වෙනුවෙන් ඉදිකළ Zeroplastic මධ්‍යස්ථානය මහනුවර වැව අසල පිහිටා ඇත.

වයස් භේදයකින් තොරව, ප්ලාස්ටික්වලින් තොර අනාගතයකට කැමති සියල්ලන් හට ප්ලාස්ටික්වලින් තොර දේශයක් සදහා ඔවුන් සමග එක්වන ලෙසට Zeroplastic ආරාධනා කර සිටියි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment