පළාත් පාළන ආයතන 161ක වැඩ අරඹයි

by admindasun
0 comment 25 views

පසුගියදා පැවති පළාත් පාළන මැතිවරණයේදී තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගත් පළාත් පාළන ආයතනවල වැඩ කටයුතු අද දින ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ඉතිරි පළාත් පාළන ආයතනවල පාලන පක්ෂය තීරණය කෙරෙන්නේ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ පළාත් පාළන ආයතනයට තේරී පත්වූ සභිකයින් පළමු වරට රැස්වීමෙන් අනතුරුව බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි.

අද දින වැඩ කටයුතු ආරම්භ කරන පළාත් පාලන ආයතනවලට මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් වන අතර සභා බහුතරයක බලය හිමී තිබෙන්නේ ජාතික ජනබලවේගයටය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment