ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ඉන්දියා වෙත එල්ල වුණු සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ලෝකය පුරා මිලියන 4.5 පාරිභෝගිකයින්ගේ තොරතුරු බලපෑමට ලක්වී ඇත.
මේ පිළිබද තොරතුරු පළමුව පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා කෙරුණු අතර මෙසේ තර්ජණයට ලක්වී ඇති තොරතුරු අතර පාස්පෝට් සහ ගුවන් ටිකට් තොරතුරු මෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරුද ඇති බව බලධාරීන් විදෙස් මාධ්‍යවලට පවසා තිබුණි.
එහෙත් එයාර් ඉන්දියා බලධාරීන් පවසන්නේ ක්‍රෙඩිට් කාඩ්වල පසුපස සදහන් කර ඇති අංක තම දත්ත ගබඩාවලට ඇතුළත් කර නොතිබුණු බවයි.
මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්ද මේ වන තෙක් අනාවරණය කර ගෙන නොමැත.
කෙසේ වෙතත් මෙම සයිබර් ප්‍රහාරයෙන් 2011 අගෝස්තු 26 සිට 2021 පෙබරවාරි 20 දක්වා දත්ත අවදානමට ලක් වී ඇති බව ගුවන් සේවය පවසයි.
එයාර් ඉන්දියා වෙබ් අඩවියට පැමිණ තම රහස්‍ය අංක වහාම වෙනස් කරන ලෙස එයාර් ඉන්දියා ගුවන් සේවය තම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේය.