ටිකෙන් ටික වැසෙන රට

by admindasun
0 comment 61 views

සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ-19 වසංගතය වැළැක්වීමේ පියවරක් ලෙස අද වන විට කොළඹ පිටකොටුවේ වීදියක් ඇතුළු රට පුරා නගර රැසක් සිය කැමැත්තෙන්ම වසා දමා ඇති තත්ත්වයක් තුළ ලබන සදුදා වන විට රට වැසීමක් සිදු නොකළහොත් සියල ආයතන ස්වයං අගුලු දැමීමක් සිදු කරන බව රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෘත්තීය සමිති සන්ධානය දිගින් දිගටම අනතුරු අගවයි.

මෙම වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් අදහස් දැක්වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ පැවසුවේ ආණ්ඩුව රටේ ජනතාවගේ ජීවිත ගැන සලකා නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු වෘත්තීය සමිති ව්‍යාපාරය ලබන සඳුදා සිට ස්වයං ලොක්ඩවුන්වීමකට යාමට නියමිත බවයි.

අද වන විට රටපුරාම බරපතල ලෙස වසංගතය පැතිරී ඇති බවත් සෞඛ්‍ය අංශ පවා දැඩි ලෙස රෝගයට ගොදුරු වී ඇති බවත් ඔහු කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මෙසේ පැවසුවේය.

“දැන් ආණ්ඩුවේ අසමත්කම වහගන්න කොවිඩ් වසංගතය පාවිච්චි කරනව මිස ජන ජීවිත බිලිදෙන එක වලක්වන්න වසංගතය පාලනය කරන්න සමත්වෙලා නෑ. ඒ නිසා දැන් ආණ්ඩුවට බලකල යුතුයි විද්‍යාත්මක ලොක්ඩවුන්වීමකට යෑමට. මේ වන විටත් දෛනිකව විශාල පිරිස් මිය යනව හැබැයි ආණ්ඩුව සංඛ්‍යා ලේඛණ වෙනස් කරමින් තියෙනවා. මේ ජීවිත විනාශවීම වැළැක්වීමට නම් ආණ්ඩුවේ අත්තනෝමතික තක්කඩි තීරණවලට ඉඩ දෙන්න වෘත්තීය සමිති සූදානම් නෑ. ඒ නිසා මේ සිකුරාදා වන විට ආණ්ඩුව තීරණයක නැත්නම් ලබන සඳුදා වෙද්දි රාජ්‍ය, පෞද්ගලික, වතු සියලු ක්‍ෂේත්‍ර සවයං ලොක්ඩවුන් වීමකට යන්න තීරණය කරනව. ඒ නිසා අපි කියන්නෙ ආණ්ඩුව සෞඛ්‍ය අංශවලට කන්දීල මේ ජීවත විනාශවීම වළක්වල, රෝගයට ගොදුරුවීම නවත්වල ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ සියගණන් මැරෙන ජීවිත වළක්වා ගන්න කටයුතු කළ යුතුයි.”

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment