ප්‍රදේශ 07ක් හුදෙකලා කෙරේ

by admindasun
0 comment 67 views

කොවිඩ් – 19 වසංගතය පැතිරෙන ආකාරය සැළකිල්ලට ගනිමින් මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ තවත් ප්‍රදේශ 07ක් හුදෙකලා කර ඇති බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දළ නාම්පමුණුව සහ ගොරකපිටිය ග්‍රාම නිළධාරී වසම්, ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ තල්ගස්ගොඩ සහ ගොඩහේන ග්‍රාම නිළධාරී වසම්, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය කදිරපුර සහ දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිළධාරී වසම්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හපුගොඩ ග්‍රාම නිළධාරී වසමද හුදෙකලා කර ඇති බව යුධ හමුදාපතිවරයා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment