ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් එරට වේලාවෙන් තව ස්වල්ප වේලාවකින් දිවුරුම් දීමට නියමිත බව විදේස් මාධ්‍ය සදහන් කරයි.
දිවුරුම් දීමෙන් අනතුරුව ධවල මන්දිරය වෙත පැමිණීමට නියමිත නව ජනාධිපතිවරයාට ඉඩ සලසමින් මීට ටික වේලාවකට පෙර හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව ගිය බවත් එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා මෙවර ජනාධිපති දිවුරුම් දීමේ උත්සවය සරල අන්දමින් පැවැත්වෙන අතර නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දීමේ උත්සවයට හිටපු ජනාධිපතිවරයාද සහභාගී වන අතර මෙවර ට්‍රම්ප් එම අවස්ථාවට සහභාගී නොවන බව දන්වා ඇත.
එය එලෙස නව ජනාධිපතිවරයෙකු දිවුරුම් දීමේ උත්සවයට හිටපු ජනාධිපතිවරයෙකු සහභාගී නොවන්නේ වසර 150කට පසු පළමු අවස්ථාවටය.
