ඉන්දියන් කොවිඩ් එන්නතට තාම අනුමැතිය නැහැ

by admindasun
0 comment 48 views

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් – 19 වැළැක්වීම සදහා ලබා දෙන එන්නත ලොව පුරා බෙදා හැරීම අරඹා ඇතත් ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය තවම ලබාදී නොමැති බැවින් ලංකාවට පැමිණීම තවත් ප්‍රමාද වන බව ආරංචි මාර්ග පවසයි.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ පරිත්‍යාගයක් ලෙස භූතානය, නේපාලය, මාලදිවයින, බංගලාදේශය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට මෙම එන්නත බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ මෙම එන්නත සදහා මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබුණු සැනින් ඒ බව ඉන්දීය රජයට දන්වන බවයි.

පසුගියදා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට කළ සංචාරයකදී මෙම එන්නත මෙරටට ලබා දීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකගතාවකට පැමිණියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment