අතුරුදහන් වූ ඉන්දුනීසියානු ගුවන් යානය මුහුදට කඩා වැටී ඇති බවට එරට බලධාරීන් තහවුරු කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙසේ අතුරුදහන්වූ Boeing 737 යානයේ කැබලි සොයා ගැනීමෙන් අනතුරුව එම යානය ගුවන් ගත කර ටික වේලාවකට පසු මුහුදට කඩා වැටී ඇති බවට විශ්වාස කරන බවට එරට බලධාරීන් පවසයි.
මෙම ගුවන් යානය මගීන් 62 දෙනෙක් සමග ජකාර්ථා ගුවන් තොටුපළෙන් ගුවන් ගත කරන ලදී.
