තමට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට අද දින තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඔහුගේ ට්විටර් ගිණුමේ සදහන් කර ඇත.
ඒ අනුව ඔහු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු වන බවත් ඔහු එහි පවසා ඇත.
තවද පසුගිය දින 10 තුළ ඔහු සමග සම්බන්ධ වුණු අයට අවශ්‍ය සෞඛ්‍ය සහ ආරක්ෂණ ක්‍රමවේදවලට යොමු වන ලෙසත් හකීම් මහතා තම ට්විටර් පණිවුඩයෙන් ඉල්ලා සිටී.
පසුගියදා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද කොවිඩ් – 19 ආසාධනය වී මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් ඇත.
