දඩ ගෙවීමට නොහැකිව හිරේ ගිය අය නිදහස්

by admindasun
0 comment 27 views

දඩ ගෙවා ගැනීමට නොහැකි වීම නිසා බන්ධනාගාරගත කර සිටින සියලු දෙනාට කොවිඩ් – 19 තත්ත්වය හමුවේ ජනාධිපති සමාව හිමිවී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඒසේ බන්ධනාගාරගත කර ඇති සියලු දෙනා අද දින නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේය.

මෙසේ මුදා හැරෙන බන්ධනාගරගතවූවන් පිළිබදව අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරන අතර ඉන් යම් අයෙකුට කොවිඩ් – 19 ආසාධිත වී ඇත්නම් ඔවුන් ප්‍රතිකාර කිරීමෙන් පසුව නැවතත් පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිවෙස් වෙත යවන බවත් ඒකනායක මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment