ඇමෙරිකාවේ නව ජනපති ජෝ බයිඩන්

by admindasun
0 comment 110 views

ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ මස අවසාන වන විට 78 වැනි විය සපුරන බයිඩන් මහතා ඇමෙරිකාවේ මෙතෙක් පත්වූ වයසින් වැඩිම ජනපතිවරයා ලෙස ඉතිහාස ගතවෙයි.

2009 සිට 2017 දක්වා හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සමයේ උප ජනාධිපති ලෙස කටයුතු කළ බයිඩන්ගේ නව උප ජනාධිපති ලෙස කමාලා හැරිස් පත් කිරීමට නියමිතය. ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරිය ලෙස කමාලා හැරිස් මහත්මියගේ නම ඉතිහාස පොතට එකතු වනු ඇත.

මෙවර ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දිනාගත හැකි වූයේ ඡන්ද විද්‍යාල 214ක් පමණක් වූ අතර ජෝ බයිඩන් ඡන්ද විද්‍යාල 273ක් දිනා ගනිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment