කොවිඩ් නිසා ස්පාඤ්ඤයේ හදිසි තත්ත්වයක්

by admindasun
0 comment 35 views

මේ වන විට පැතිරී යන කොවිඩ් – 19 අවදානම හේතුවෙන් ස්පාඤ්ඤයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
තවද රාත්‍රි කාලයේදී රට පුරා ඇදිරි නීතිය පැනවීමටත් එරට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරති.

මෙම නව රෙගුලාසිවලට අනුව ප්‍රාදේශීය මට්ටමින් ගමනාගමනය සීමා කිරීමටත් කටයුතු කෙරෙන බව එම මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

කොවිඩ් ආරම්භයත් සමග ස්පාඤ්ඤයේ කොවිඩ් ආසාධිතයන් ඉහළ යාමේදී රට වසා දැමුණු අතර එහිදී රෝගය මර්දනය කිරීම සදහා ඉතා දැඩි ලෙස නීති ක්‍රියාත්මක කෙරුණි.

ලෝකයේ සෑම රටකම පාහේ ස්පාඤ්ඤයේදී කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වුණු අතර මේ වන විට රෝගීන් ඉහළ යමින් පවතින බවද දැනගන්නට තිබේ.

ඒ අනුව මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමද සිදු කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment