පොම්පියෝට එරෙහිව ජවිපෙන් පෝස්ටර්

by admindasun
0 comment 58 views

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පෙම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර ඇති බව එම පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

විශේෂයෙන් ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට දින 05ක කාලයක් ඉදිරියට තිබෙන වකවානුවක මෙන්ම ලෝකයේ වැඩිම කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වන තත්ත්වයක් තුළ මෙසේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් වහාම ජනතාවට හෙළි කළ යුතු බවත් ඔහු පැවසුවේය.

තවද සියලු නිරෝධායන නීති කඩ කරමින් විදේශිකයින් මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය නොවන අතර මෙරටද කොවිඩ් – 19 පැතිරීම සම්බන්ධයෙන් අතිශය අවදානමක් ඇති අවස්ථාවක මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් රජය මීට වඩා සැළකිලිමත් විය යුතු බවත් හේරත් මන්ත්‍රීවරයා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment