ජපානයේ නව අගමැති යොෂිහිඩේ සුගා

by admindasun
0 comment 17 views

ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස යොෂිහිඩේ සුගා එරට පාර්ලිමේන්තුව විසින් අද දින තෝරා පත් කර ගන්නා ලදී.
හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ විශ්වාසවන්තයෙකු වන සුගා මහතා පසුගිය සදුදා පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක ලෙසද තෝරා පත් කර ගන්නා ලදී.
අගමැතිවරයා තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්දයේදී ඡන්ද 465න් 314ක් දිනා ගැනීමට සුගා මහතා සමත් විය.
ඒ අනුව 2021 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත මහා මැතිවරණය දක්වා සුගා මහතා අගමැති ලෙස කටයුතු කරනු ඇත.
සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා හිටපු අගමැති අබේ මහතා සියලු තනතුරුවලින් ඉවත් වන බව පසුගිය මාසයේදී නිවේදනය කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment