බජාජ් ජෙනුයින් පාර්ට්ස් අලෙවිසලක් මදුරන්කුලියට

by admindasun
0 comment 28 views

බජාජ් ජෙනුයින් පාර්ට්ස් නවතම අලෙවි මධ්‍යස්ථානය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි මදුරන්කුලිය ප්‍රාදේශීය කාර්යාලයේදී 2020 සැප්තැම්බර් මස 17 වන දින විවෘත වේ.

පුත්තලම සහ මදුරන්කුලිය අවට බජාජ් මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ සහ කියුට් රථ හිමිකරුවන්ට අවශ්‍ය ජෙනුයින් පාර්ට්ස් නව අලෙවි මධ්‍යස්ථානය හරහා පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ.

එසේම මෙම මස 17 සිට 20 දක්වා මදුරන්කුලිය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් පරිශ්‍රය තුළ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක්ද පැවැත්වේ.

මෙම ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වන පාරිභෝගිකයන්ට සියලුම බජාජ් ජෙනුයින් පාර්ට්ස් සදහා 10%ක වට්ටමක්ද, තෝරාගත් ජෙනුයින් පාර්ට්ස්වලට 50%ක වට්ටමක්ද හිමිවේ.

තවද සියලුම බජාජ් වාහන සදහා නොමිලේ වායු විමෝචන සහ තත්ත්ව පරික්ෂාවක් හිමිවන අතර රු. 2,500 වඩා වැඩි ජෙනුයින් පාර්ට්ස් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ බොඩි වොෂ් එකක් ලබා ගත හැකිය.

එසේම බජාජ් ත්‍රීවීලර් සදහා ග්‍රීස් ගැසීම මෙම දිනවලදී නොමිලේ සිදු කරවා ගත හැකිය.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අනුබද්ධිත රියසක්වල ශාඛා හරහා පාරිභෝගිකයන් හට තම වාහනය විකිණීමට, හුවමාරු කිරීමට මෙන්ම ලියාපදිංචි ත්‍රිරෝද රථයක් හෝ මෝටර් සයිකලයක් මිලදී ගැනීමේ පහසුකම්ද සලසා ඇත.

එසේම මෙම ස්ථානයේම ඇසට්ලයින් ලීසිං වෙතින් ඔබ මිලදී ගන්නා වාහනයට මූල්‍ය පහසුකම් ලබාගැනීම සිදු කර ගත හැකිය.

තවද පාරිභෝගිකයාගේ පහසුව වඩාත් තහවුරු කරමින් විකුණන වාහනවලට එවලේම මුදල් ලබා දෙන අතර මිලදී ගන්නා වාහන සදහා රක්ෂණ පහසුකම්ද එකම වහලක් යටින් ලබා දීමේ පහසුකම් සලසා ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment