ඉතාලියේ සීඝ්‍රයෙන් කොවිඩ් – 19 වසංගතය පැතිර යාමත් සමග වසා දැමුණු ඉතාලි – ඔස්ට්‍රියා දේශ සීමාව යළි විවෘත කිරීමට පියවර ගෙන ඇත.
මේ වන විට කොවඩ් – 19 වසංගත තත්ත්වය යම්තාක් දුරකට පාලනය වී ඇති බැවින් දෙරට බලධාරීන් විසින් මෙම තීරණය ගෙන තිබේ.
තම රැකියා සදහා දෙරටේ ජනතාව මිලියන 3.7ක් මෙම දේශ සීමා හරහා ගමන් කරන අතර පසුගිය මාස තුන මුළුල්ලේ එම ජනතාව මහත්සේ අසීරුතාවට පත්ව සිටියේය.
මෙසේ දේශ සීමා යළි විවෘත කිරීම නිසා ඒ සම්බන්ධයෙන් පීඩාවට පත්ව සිටි ජනතාව විසින් දෙරට පාලකයන් පැසසුමට ලක් කෙරුණි.
