ජූලි 21 සූර්යග්‍රහණයක් – වසර 02ක් යනතුරු යළි සූර්යග්‍රහණ නෑ

by admindasun
0 comment 104 views

දින 30 ඇතුලත ග්‍රහණ  තුනක් එනම් චන්ද්‍රග්‍රහණ දෙකක් සහ සුර්යග්‍රහණයක් ලොවට දිස්වන ග්‍රහණ කාල පරිච්චේදයක් මේ දිනවල උදාවී ඇත. ඒ 2020 ජුනි 5 සහ ජුලි 5 දිනවල දී වන චායාචන්ද්‍රග්‍රහණ දෙක සහ  2020 ජුනි 21 වන දින ඇතිවන වළයාකාර සූර්යග්‍රහණයයි. හිරු සදු සහ චන්ද්‍රයා එකම තලයක රේඛියව පිහිටි විට ග්‍රහණ ඇතිවන අතර බොහෝවිට චන්ද්‍රග්රහනයකට දින 14 පෙර හෝ පසු ඇතිවන  අමාවක දිනයකදී සූර්යග්‍රහණයක් ඇතිවේ.  සුර්යග්‍රහණ දිස්වීම ඉතා විරල දසුනකි. කෙසේවෙතත් පසුගිය 2019 දෙසැම්බර් 26 දිස්වූ සූර්යග්‍රහණයට සමාන වළයාකාර සූර්යග්‍රහණය ක් මෙම ජුනි 21 දා ද ඇතිවන අතර එය ලංකාවේ අපට දිස්වනුයේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසටය. නැවතත් සූර්යග්‍රහණයක් අපට දැකබලාගත  හැකිවනුයේ 2022  ඔක්තෝබර් 22 දා ය.

සූර්යග්‍රහණය දිස්වන ප්‍රදේශ  සහ  වේලාවන්

මෙම වළයාකාර  සූර්යග්‍රහණය ජුනි 21 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සිට උදේ වරුවේ ආරම්භ වන අතර පසුව කොංගෝව, ඉතියෝපියාව, යේමනය, සවුදි අරාබිය, ඕමානය, පාකිස්තානය, ඉන්දියාව, චීනය සහ තායිවානය වෙත ගමන් කර, දකුණු පැසිෆික් සාගරයේ දී එය සවස් වරුවේ අවසන් වේ.

2020  ජුනි 21  ​​වන දින  කොළබ නගරයට පෙ.ව. 10.29  පමණ සිට ප.ව. 01.19  පමණ කාලය තුල පැය දෙකකුත්  විනාඩි පනහකට ආසන්න කාලයක් තුල  මෙය අර්ධසූර්යග්‍රහණයක් ලෙස දිස්වේ.  ග්‍රහණ උපරිම අවස්ථාව වන පෙ. ව. 11.51 වන විට චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් 30  % ක පමණ  ප්‍රමාණයක්  ආවරණය  වනු ඇත.  ලංකාවේ විවිධ ප්‍රදේශ වලට විනාඩි කිහිපයක වෙනසක් සහිතව ආරම්භය සහ අවසානය දිස්වේ. උදහරණයක් ලෙස යාපනයට ග්‍රහණ ආරම්භය පෙ.ව. 10.24 , ග්‍රහණ උපරිමය පෙ.ව. 11.54 සහ ග්‍රහණ අවසානය ප.ව. 1.30 ට සිදු වන අතර මාතර නගරයට ග්‍රහණ ආරම්භය පෙ.ව. 10.34 , ග්‍රහණ උපරිමය පෙ.ව. 11.53  සහ ග්‍රහණ අවසානය ප.ව. 1.17  ට සිදු වනු ඇත.

ග්‍රහනයක් ඇතිව හෝ නැතිව සූර්යයා දෙස නිසි ආරක්‍ෂිත ක්‍රම භාවිතා නොකර  සෘජුව පියෙවි ඇසින් බැලීමෙන් පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට හා වෙනත් ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැකිය.

වළයාකාර සූර්යග්‍රහණයක් සිදුවන්නේ කෙසේද?

පෘථිවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විට සූර්යග්‍රහණයක් සිදු වේ. එවිට සඳෙහි සෙවනැල්ල පෘථිවි පෘෂ්ඨය  හරහා ගමන් කරන අතර පෘථිවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරයි. පෘථිවිය හිරුවටා යන කක්ෂ තලයට අංශක 5 ක පමණ ආනතියකින් චන්ද්‍රයා පෘථිවිය වටා කක්ෂගත වන තලය පිහිටා ඇති  හෙයින්  චන්ද්‍රයා පෘථිවි කක්ෂීය තලය තරණය කරන්නේ වසරකට දෙවරක් පමණි. මෙම වේලාවන් ග්‍රහණ ඇතිවන කාල පරාස වේ.  සූර්යග්‍රහණයක් ඇතිවනුයේ අමාවක දිනකදීය.   පෘථිවිය වටා චන්ද්‍රයා පරිබ්‍ර්හමණය වනුයේ වෘතාකාර කක්ෂක නොව  ඉලිප්සාකාර කක්‍ෂයකය. ඉලිප්සාකාර  කක්ෂයේ චන්ද්‍රයා පෘථිවියට වඩාත්ම ඈතින් පිහිටන විටකදී  සුර්යග්‍රහණයක් සිදුවහොත්   වළයාකාර සූර්යග්‍රහණයක් සිදු වේ. මෙම අවස්ථාවේදී සඳ සාපේක්‍ෂව කුඩාවට පෙනෙන අතර  අතර සූර්යයා පූර්ණ ලෙස ග්‍රහණය නොවී ගිනි වලල්ලක්  වටේට පිහිටන සේ හිරු තැටිය මත චන්ද්‍රයා කළු ලපයක් සේ දිස්වේ.

සූර්යග්‍රහණ සිදුවන ආකාරය

  1. Total solar eclipse / පුර්ණ සුර්යග්‍රහණය
  2. Annular Solar eclipse / වළයාකාර සුර්යග්‍රහණය C. Partial Solar eclipse / අර්ධ සුර්යග්‍රහණය

ආරක්ෂාකාරී ව සූර්යග්‍රහණයක් නරබන්නේ කෙසේද ?

සූර්යයා දෙස සෘජුව බැලීමෙන්, සූර්යග්‍රහණයකදී පවා, ඔබ නිසි අක්ෂි ආරක්ෂාවක් පැළඳ නොසිටින්නේ නම්, අන්ධභාවයට හා වෙනත් ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැක. සූර්යයා ආරක්ෂිතව නිරීක්ෂණය කිරීමට හෝ සූර්යග්‍රහණයක් නැරඹීමට ඔබට විශේෂ ආරක්ෂිත ඇස් කණ්ණාඩි හෝ සූර්යග්‍රහණ වීදුරු අවශ්‍ය වේ. සාමාන්‍ය අව් කණ්ණාඩි, (පාරජම්බුල කිරණ අවශෝෂණ කරන ඒවා  පවා) ඔබේ ඇස් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා නොකරනු ඇත. ඔබ කිසියම් ඡායාරූප උපකරණයක් සමඟ සූර්යග්‍රහණය ලේඛනගත කිරීමට අදහස් කරන්නේ නම්, සූර්යාගේ නොවසුනු ඉතිරි ආලෝක කොටස  ඔබේ දර්ශනයට හානියක් නොවන බවට වග බලා ගැනීම සඳහා ඔබට එකතු කළ හැකි විශේෂ සූර්ය පෙරහන් තිබේ.

සූර්යග්‍රහණයක් වක්‍රව නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂිතම ක්‍රමය, ඔබට නිවසේදී පහසුවෙන් සාදා ගත හැකි සිදුරු කාච (පින්හෝල්) කැමරාවක් භාවිතා කිරීමයි. සිදුරු කාච (පින්හෝල්) කැමරාවක් සදා ගැනීම සදහා  කාඩ්බෝඩ් කෑලි දෙකක් ගන්න. අල්පෙනෙත්ති  හෝ පැන්සල් තුඩකින් එක් කැබැල්ලක මධ්‍යයේ කුඩා සිදුරක් විදින්න. ඔබේ පිටුපස හිරුට සිටින සේ  සිටින්න. එක් අතකින් සිදුර සහිත කෑල්ල සුර්යාට  එල්ලවන්සේ අල්ලා ගන්න; අනෙක් කොටස (තිරය) පිටුපසින් නැතහොත් යටින්  තබන්න. සූර්යාලෝකය සිදුර හරහා ගොස් තිරය මත රූපයක් සාදනු ඇත. අවශ්‍යනම් දර්පණයක් මගින් මෙම ආලෝක ලපය අදුරු තැනක ඇති බිත්තියකට ප්‍රක්ෂේපනය කල හැකිය.

ඔබ සූර්යයා කෙලින්ම බැලීමට කැමති නම්, වේල්ඩින්කරුවන් භාවිතා  කරන  අංක 14 හෝ ඊට වැඩි අදුරු පෙරහන් (මිල රුපියල් 60.00 කට පමණ ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන තැනකින් මිලට ගත හැ කිය ) හෝ සූර්ය පෙරහන් වැනි දේ භාවිතා කරන්න. මෙවැනි සුර්ය පෙරහන් කන්නාඩි 8 බැගින් රටපුර ඇති විදාතා මධස්ථාන වලට කොළබ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකය මගින් තාක්ෂණ හා නවෝත්පාදන අමාතංශය හරහා නොමිලයේ ලබා දී ඇත. එහෙත් කොවිඩ් ආරක්ෂණ ක්‍රමවේද යටතේ එක සුර්ය පෙරහණක් තුලින් බෝගො දෙනෙකු සුර්යනරබනවාට වඩා නිවසේ සිට ආරක්ෂණ ක්‍රම සහිතව වුවද තත්පර 15 කට අඩු කාල පරාස යොදාගනිමින් ග්‍රහණය නැරබිම වඩා සුදුසුවේ.

සූර්යග්‍රහණය නැරබීම ම සදහා සඳහා  කොලබ විශ්වවිද්‍යාලයේ   තාරකා විද්‍යා සංගමයේ මගින් සහ ෆොස් මඩියා ඒකකය හරහා කොළබ සහ යාපනය සිට ගනුලබන දර්ශන සජීව්ව නරබීමේ අවස්ථාව ද ඔබට ඇත (https://www.facebook.com/uocastrosoc/ හෝ  http://fos.cmb.ac.lk/ වෙත 2020.06.21  දින පෙ.ව. 10.20 සිට ප.ව. 1.30 අතර කාලයේදී පිවිසෙන්න.).

කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment