ඉන්දීය දේශ සීමාව සමග වසර 45කට පමණ පසු ගැටුම් ඇති වී ඇති තත්ත්වයක් තුළ චීනය විසින් ඉහළ උන්නතාංශයේදී යුධ සරඹයක නිරත වී ඇති බව චීන මාධ්‍ය වාර්තා කළේය.
පසුගියද සදුදා ඇතිවූ දේශ සීමා ගැටුම්වලදී ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර මෙම ගැටුම සදහා දෙපර්ශවය විසින් එකිනෙකාට අත දිගු කර ගනිමින් සිටී.
අතිශය ගැටුම්කාරී අවස්ථාවකදී ඉහළ උන්නතාංශයේදී තම මෙහෙයුම් සිදු කළ හැකි ආකාරය පිළිබදව මෙම සරඹය සංවිධානය කර තිබූ බව චීන මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.
