කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරිමට මෙක්සිකෝව කටයුතු කර ඇත.
ඒ අනුව සංචාරකයින් පැමිණෙන වෙරළ තීරයන්ද යළි විවෘත කිරීමට කටයුතු කර ඇත.
කෙසේ වෙතත් සෞඛ්‍ය කොන්දේසිවලට යටත්ව මෙම සීමා ලිහිල් කරද දේශීය ජනතාව විනෝද වීමට පැමිණෙන වෙරළ තීරයන් තව දුරටත් වසා තැබෙන බව එරට රජය විසින් නිවේදනය කර ඇත.
කෙසේ වෙතත් තවමත් කොවිඩ් – 19 වසංගත තත්ත්වය වර්ධනය වන තත්ත්වයක් තුළ මෙසේ සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබදව එරට ජනාධිපති ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ.
මේ වන විට 19,000කට අධික සංඛ්‍යාවේ මෙක්සිකෝවේ කොවිඩ් – 19 වසංගතය නිසා මියගොස් ඇති අතර 160,000ක පමණ ප්‍රමාණයට රෝගය ආසාධනය වී ඇති බවට ගණන් බලා ඇත.
