ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන ලකුණු

by admindasun
0 comment 18 views

ලෝකය පුරා මේ වන විට පැතිරී යන කොවිඩ් – 19 වසංගතය මැඩපැවැත්වීමට අපොහොසත් වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඇති සියලු සබදතා අත හරින බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මීට පෙරද ඇමෙරිකාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන අරමුදල් නැවැත්වීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කළ අතර පසුගිය කාලය මුළුල්ලේම ලෝක සෞඛ්‍ය සංවිධානය ජනාධිපතිවරයාගේ විවේචනයට ලක් විය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණය පිළිබදව දැනුවක් කර නොමැති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment