ප්‍රභූ අවමගුල කොවිඩ් දෙවෙනි රැල්ලක් නොවිය යුතුයි

by admindasun
0 comment 258 views

මේ වන විට නුවරඑළිය ප්‍රදේශයේ ප්‍රභූ අවමගුලක් හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය කොවිඩ් – 19 සම්බන්ධයෙන් දෙවෙනි රැල්ලකට මග පෑදිය හැකි බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අනතුරු අගවයි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් රටේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නව සෞඛ්‍ය ආරක්ෂණ නීති ඊති පල කර තිබියදීත් අමාත්‍යවරයෙකුගේ අවමංගල්‍යයේදී එම සියලු මූල ධර්මයන් පැහැර හැරීම ඉතාමත් අවදානම් සහගත අතර ඒ පිළිබද තම අප්‍රසාදය පල කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේය.

වෛද්‍ය අලුත්ගේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තරාතිරම නොබලා මේ අවදානම තේරුම් නොගතහොත් මුළු රටම නැවතත් බරපතල අවදානම් තත්ත්වයකට ගමන් කරවන බැවින් බලධාරීන් එම කටයුතු හැකි ඉක්මනින් නතර කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.

තව දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලුත්ගේට පැවසුවේ සෞඛ්‍ය නීති ඊිිිිතිවලට පටහැනිව සිදුවන මෙම ප්‍රභූූ අවමංගල්‍ය කටයුත්ත තුළින් මුළු රටමම මුහුණ දිය හැකි අවදානම පිළිබදව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛා සංගමය හා ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ද තම සංගමය දැනුවත් කර ඇති බවයි.

එසේම නව සාමාන්‍යකරණ සෞඛ්‍ය නීති රීතිවලට මෙසේ අවනත නොවීම නිසා මෙම සමස්ථ ක්‍රියාවලිය පිළිබද මහජනතාවගේ විශ්වාසය බිදවැටුණහොත් ඉදිරියේදී කොවිඩ් වසංගතයේ දෙවෙනි රැල්ල වළක්වා ගැනීමට අපහසු වන බවත් වෛද්‍ය අළුත්ගේ පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment