පසුගිය වසර 26ක් මුළුල්ලේ වසා දමා තිබූ වාලච්චේන කඩදාසි කම්හල යළි අද දින සිට කඩදාසි නිෂ්පාදන කටයුතු ඇරඹු බව එහි සභාපති විමල් රූපසිංහ මහතා පවසයි.
ඒ අනුව අද දින සිට කාඩ්බෝඩ් නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙම කර්මාන්ත ශාලාව තුළ ඇරඹු බවත් ඔහු කියා සිටියේය.
පසුගිය රජය විසින් කැබිනට් පත්‍රිකාවක්ද අනුමත කරමින් පරණ යකඩවලට විකිණීමට තීරණය කර තිබූ අවස්ථාවක මෙම කම්හල ආරම්භ කිරීම පිළිබද කටයුතු පසුගිය ජනවාරි මස සිට වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කළ බවත් ඔහු කියා සිටියේය.
මෙම අවස්ථාවට එක්වෙමින් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුුුුවේ විදේශ ඉංජිනේරුවන් දෙදෙනෙකුගේද සහයෝගය ඇතිව මෙම කර්මාන්තශාලාවේ ප්‍රධාන යන්ත්‍රය අද දින වැඩ ඇරඹූ අතර එය මගින් කාඩ්බෝඩ් වැනි ඝණ කඩදාසි නිෂ්පාදනය සිදු කෙරෙන බවයි.
එසේම මෙම කර්මාන්ත ශාලාවේ අනෙකුත් යන්ත්‍රයද ඉදිරියේදී වැඩ ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
