රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුටත් කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය සදහන් කරයි.
71 වැනි වියේ පසුවන චාල්ස් කුමරුගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කළද තවමත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමේ පවතින බව එම වාර්තා වැඩි දුරටත් සදහන් කළේය.
මේ වන විට ඔහු වෙෙද්‍ය උපදෙස් මත ස්කොට්ලන්තයේ පිහිටි නිවසේ වෙන් කර තබා ප්‍රතිකාර ලබන පවත් එම වාර්තා වැඩිදුරටත් පවසයි.
පසුගිය සති කිහිපය පුරා ඔහු වැඩි වශයෙන් මහජනතාව සමග පොදු කටයුතුවලට සහභාගී අතර ඒ නිසා මෙම වෙෙරසය ආසාධනය වන්නට ඇති බවට වෙෙද්‍යවරු සැක පල කරති.
