ලොව ප්‍රකට විම්බ්ල්ඩන් ටෙනිස් තරගාවලියත් කොවිඩ් – 19 නිසා අවලංගු කෙරේ

by admindasun
0 comment 20 views

වසරකට ලෝකය පුරා පැවැත්වෙන ප්‍රධාන ටෙනිස් තරගාවලිවලින් එකක් වන විම්බ්ල්ඩන් ටෙනිස් තරගාවලිය කොවිඩ් – 19 වසංගතය නිසා අවලංගු කිරීමට සංවිධායකයින් තීරණය කර ඇති බව අද නිවේදනය කළේය.

මෙම තරගාවලිය ජුනි මස 29 වන දින සිට ජූලි 12 වන දින දක්වා
ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතව තිබුණු අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම තරගාවලිය අවලංගු කරන පළමු අවස්ථාව මෙය ලෙස හැදින්විය හැකිය.

වසරකට ලොව පුරා පැවැත්වෙන ප්‍රධාන ටෙනිස් තරගාවලි 04න් එකක් ලෙස විම්බ්ල්ඩන් ටෙනිස් තරගාවලිය හදුන්වනු ලැබේ. අනෙකුත් තරගාවලි ලෙස ඔස්ට්‍රේලියානු විවෘත, ප්‍රංශ විවෘත සහ ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලි හැදින්විය හැකිය.

මේ වසරේ ජපානයේ ටෝකියෝහි පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලියද කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ලබන වසරට කල් දමන ලදී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment