පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව

by admindasun
0 comment 76 views

පෞද්ගලිකව ක්‍රියාත්මක වන වෛද්‍ය විද්‍යාලවල සිසුන්ගේ සායනික පුහුණුව සදහා යොදා ගත හැකි රජයේ රෝහල් පිළිබදව සොයා බැලීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පොළොන්නරුව ප්‍රදේශවල ක්‍රියාත්මක පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සදහා සායනික පුහුණුව ලබා දිය හැකි ශික්ෂණ රෝහල් තෝරා ගැනීම මෙම කමිටුව මගින් සිදු කිරීමට නියමිතය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන ලෙස එම පුහුණුව ලබා දිය යුතු බැවින් මෙම තීරණය ගෙන ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment