පෙර දැනුම් දුන් පරිදි ජුනි මස 14 වනදා සිට මේ වන විට පවතින සංචරණ සීමා ඉවත් කරන බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව ජුනි මස 14 වනදා පෙ. ව. 4.00 සිට දැනට පවතින සංචරණ සීමා ඉවත් කෙරෙන බවත් තව දුරටත් සංචරණ සීමා දීර්ඝ කරන බවට පැතිර යන කට කතා අසත්‍ය බවත් ඔහු කියා සිටියේය.
