පැතිරී යන කොවිඩ් – 19 වසංගතය හමුවේ අද රාත්‍රි සිට යළිත් දැඩි සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළේය.
ඒ අනුව අද රාත්‍රි සිට මැයි මස 28 වනදා දක්වා පහත අයුරින් සංචරණ සීමා පැනවෙන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
මැයි 21 සිට 25 දක්වා – මැයි 21 සිකුරාදා රාත්‍රි 11 සිට මැයි 25 උදෑසන 4.00 දක්වා සියලු සංචරණ කටයුතු තහනම්
මැයි 25 – මැයි 25 වනදා අහහරුවාදා රැකියාව සදහා පිටත්ව යා හැකි අතර ඒ අයට හැදුනුම්පත් අංක අනුව නිවසින් පිටවීමේ ක්‍රමවේදය අදාළ නොවේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා හෝ වෙනත් අත්‍යවශ්‍ය හේතුවක් මත වෙනත් අයට නිවසින් පිටවිය හැක්කේ හැදුනුම්පත් අංකයේ අවසානයට ඔත්තේ සංඛ්‍යාවක් යෙදී ඇත්නම් පමණි.
මැයි 25 සිට 28 දක්වා – මැයි 25 අගහරුවාදා රාත්‍රි 11 සිට මැයි 28 උදෑසන 4.00 දක්වා සියලු සංචරණ කටයුතු තහනම්
මැයි මස 28 වෙනි දින සිට සංචරණ සීමා පැනවීම පිළිබදව මේ වන විට අවසන් තීරණයකට එළඹ නොමැති අතර සති දෙකකට හෝ මාස 02කට සංචරණ සීමා පැනවීමක් පිළිබදව පැතිර යන විවිධ කටකතාවල සත්‍යතාවක් නොමැති බවත් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවවේය.
