ලෝක ආර්ථිකයෙන් තුනෙන් එකක් පමණ ආවරණය කෙරෙන රටවල්වල එකමුතුවෙන් Regional Comprehensive Economic Partnership (RCEP) ලෙස ලොව විශාලතම වෙළෙද එකමුතුව පසුගියදා පිහිටුවන ලදී.
අග්නි දිග ආසියානු රටවල් 10න්ද, දකුණු කොරියාව, චීනය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු රටවල්වල එකමුතුවෙන් මෙම නව එකමුතුව පිහිටුවා ඇත.
කලාපය තුළ චීනයේ බලපෑම ඉහළ යාම මෙම නව සන්ධානය බිහිවීම තුළින් පෙනී යන බව ලොව ආර්ථික විශේෂඥයෝ පවසති.
2017 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාදිපතිවරයාගේ මැදිහත්වීමෙන් ආසියා පැසිපික් කාලාපීය වෙළෙද හවුලෙන් ඉවත්වූ ඇමෙරිකා එක්සත් ජනපදය නව සන්ධානය එක් කරගෙන නොමැති වීම මෙහි විශේෂත්වයකි.
මෙම නව සන්ධානය බිහි කිරීම පිළිබද සාකච්ඡා 2012 වසරේ සිට ක්‍රියාත්මක වූ අතර අවසානයේ අග්නිදිග ආසියානු රටවල සමුළුවේ (Association of Southeast Asian Nations – Asean) පැවැති පසුබිම් අංගයක් ලෙස පසුගිය ඉරිදා මෙම නව සන්ධානයට අදාළ ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරුණි.
