ඔස්ට්‍රියාව යළි වසා දමයි

by admindasun
0 comment 55 views

කොවිඩ් – 19 වසංගතය පැතිරීම යළි වේගවත් වීම නිසා ඔස්ට්‍රියාව යළි වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇත.

පසුගිය සති කිහිපය පුරා රටේ විවිධ ප්‍රදේශවලට ඇදිරි නීතිය පැනවීමෙන් සහ වසා තැබීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවී තව දුරටත් රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව ඔස්ට්‍රියානු චාන්සලර්වරයා වියානා නුවරදී මාධ්‍ය අමතා පවසා ඇත.

මෙසේ රට වසා දැමීම එළඹෙන අගහරුවාදා සිට ක්‍රියාත්මක කෙරෙන අතර අවම වශයෙන් එය සති 02ක 03ක කාලයකට ක්‍රියාත්මක වන බවත් ඔහු පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment