මෙරට ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්‍යාප්ත වන තත්ත්වයක් තුළ ඩෙංගු මර්දනය සදහා තවමත් යොදා ගැනෙන්නේ 1946 දී සකස් කළ නීති රෙගුලාසි බව සෞඛ්‍ය අංශ විසින් අද (05) පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා විශේෂඥ වෛද්‍ය නීතිවේදී චරිත් හෙට්ටිආරච්චි පැවසුවේ ඩෙංගු මර්දනය සදහා අණ පනත් ගණනාවක් ඇති බවයි. එසේම නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනත යටතේද ඒ සදහා රෙගුලාසි ඇත.
තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හෙට්ටිආරච්චි කියා සිටියේ 1946 දී සකස් කළ රෙගුලාසි මදුරුවන් බෝවීමට තවමත් පාවිච්චි වන බවයි.
2023 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 50,264 ක් වාර්තා වී ඇති අතර ඉන් බහුතරය ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කය දෙවනුව වැඩිම අවදානම සහිත දිස්ත්‍රික්කය වන අතර කොළඹ මහ නගර සභා සීමාවේ නැවත රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි පැවසුවාය.
මේ වන විට ඩෙංගු මරණ 31 ක් වාර්තා වී ඇති අතර මේ වන විට අවදානම් කලාප 48ක් හදුනාගෙන ඇත.