විජිත හේරත් ඉල්ලා අස්වෙයි

by admindasun
0 comment 47 views

මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කිරීම හා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කතානයායකවරයාට දැනුම් දී ඇත.

මෙම විශේෂ කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස විජිත හේරත් මහතා නම් කර තිබුණි.

කෙසේ වුවද ආණ්ඩු පක්ෂයෙන් මෙම කාරක සභාව වෙත යෝජනා කරනු ලැබ ඇති නම් පිළිබඳව මේ වන විට ගොඩනැගී ඇත්තේ මතභේදාත්මක තත්වයක් වන අතර රටේ මූල්‍ය බංකොලොත්භාවය ඇතිවීමට හේතු කාරක වූ බහුතරයක් පිරිසගෙන් සමන්විත කමිටුවක් මගින් ඊට අදාළ සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් හෝ ඊට අදාළ යෝජනා නිර්දේශ ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵල බැවින් එවැනි කමිටුවක් නියෝජනය කිරීම අර්ථ විරහිත වන කරුණක් නිසා එම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව විජිත හේරත් මහතා තම ලිපියෙන් කතානායකවරයාට දැනුම් දී ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment