අම්පාර දිස්ත්‍රික්කයේ ගල් ඔය ඉවුර අවදානමකට ලක්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම තත්ත්වය 2015 ජනවාරි 14 වන දින රාත්‍රි කාලයේදී වාර්තා වී ඇති අතර මේ වන විට අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදුවැල්ල ග්‍රා.නි. වසමේ බලපෑමට ලක් වූ පවුල් 44 ක පුද්ගලයින් 135 ක් සුදුවැල්ල විහාරස්ථානය වෙත යොමුකර ඇති බව අම්පාර ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පවසයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගල්ඔය ඔයේ ඉවුරු කැඩියාමේ අවදානමට ලක්ව ඇති බවත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.