අද දහවල් වන විට කොළඹ වායු දූෂණ තත්ත්වය හොද අතට හැරී ඇති බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
වායු තත්ත්ව දර්ශකයේ අගය මේ වන විට 50ට වඩා අඩුවී ඇති අතර 0-50 සීමාව යනු ප්‍රශස්ත මට්ටම බවත් වෛද්‍ය ජාසිංහ පැවසුවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ඉන්දියාවේ සිට පැමිණෙන සුළං හේතුවෙන් උද්ගත වී ඇති මේ තත්ත්වය ඉක්මනින් පහව යනු ඇති බවට අනාවැකි පල කරන බවයි.
තවදුරටත් අදහස් දැක්වූ එහි ප්‍රකාශකයෙක් පැවසුවේ කොළඹ, යාපනය, කුරුණෑගල, වවුනියාව, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවල වාතයේ තත්ත්වය සැළකිය යුතු මට්ටමින් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බවයි.