DPMC Workshop Matara නව පේන්ට් ෂොප් පහසුකමක්

by admindasun
0 comment 102 views

DPMC Workshop Matara වෙතින් ලබාදෙන සේවා තවදුරටත් වැඩි දියුණු කරමින් ඕනෑම වාහනයක බොඩ් රෙපෙයාර් සහ පේන්ට් කටයුතු සිදු කළ හැකි පරිදි නව පේන්ට් බූත් පහසුකම විවෘත කිරීමත් සමග එමගින් සේවා ලබාගත් පාරිභෝගකයින්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතී.

එසේ සේවා ලබාගත් ලබාගත් පාරිභෝගිකයෙකු වන මාතර, කඹුරුගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක භාවිතය සදහා යොදා ගැණුනු බජාජ් කියුට් රථයක භාරකරු හසිත සමරවික්‍රම මහතා තම වාහනයට DPMC Workshop Matara වෙතින් සිදු කළ පූර්ණ අලුත්වැඩියාව පිළිබදව තම අදහස් මෙසේ ප්‍රකාශ කළේය.

“අපි මේ කියුට් රථය මිලදී ගත්තේත් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින්. මුල ඉදන්ම අපි සමාගමේ සේවා ස්ථානවලින් මේ රථයේ නඩත්තු කටයුතු සිදු කළා. DPMC Workshop Matara ආරම්භ කළාට පසු අපි දිගටම මෙම වාහනය සර්විස් වගේම අනෙකුත් රෙපෙයාර් සිදු කළෙත් එතනින්. ඒ නිසා ඇතිවුණු විශ්වාසයට අපි මේ වාහනයට නව පෙනුමක් ලබාදීමට සහ එහි තිබුණු සුළු සුළු අලුත්වැඩියාවන් සිදු කර ගැනීමට DPMC Workshop Matara වෙත බාර දුන්නා.”

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නාලක මඩුග්ලලේ මහතා විසින් සමරවික්‍රම මහතාට අළුත්වැඩියා කළ කියුට් රථයේ යතුර බාරදුන් අවස්ථාව

තවදුරටත් අදහස් දැක්වූ සමරවික්‍රම මහතා කියා සිටියේ තම ආයතනය සතු කියුට් රථයේ සේවා කටයුතු කලට වේලාවට සිදු කර නිසි පරිදි නඩත්තු කරන බැවින් ළග එන සංචාරක සමය ඉලක්ක් කර ගනිමින් වාහනයට නව පෙනුමක් ලබා දීමට තීරණය කළ බවයි.

“හැමදාම වගේම අපි මේ සැරෙත් DPMC Workshop Matara වෙතින් ලබාගත් සේවාව පිළිබදව උපරිම තෘප්තිමත්. දැන් අපේ කියුට් රථය දැන් හොදම තත්ත්වයෙන්ම තියෙනවා. ඒ පිළිබදව අපි ස්තුති වන්ත විය යුතුයි.” සමරවික්‍රම මහතා තවදුරටත් ඔහුගේ අදහස් පැවසුවේය.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් (ලිමිටඩ්)හි මඩපාත පිහිටි ප්‍රධාන වර්ක්ෂොප් පහසුකමට අමතරව බස්නාහිර පළාතෙන් පිටත ආරම්භ කළ පළමු බජාජ් වාහන සේවා, නඩත්තු සහ අලුත්වැඩියා පහසුකම් ලෙස DPMC Workshop Matara හැදින්විය හැකිය.

වසරකට අධික කාලයක් තම සේවා පාරිභෝගිකයින්ට මේ වන තෙක් ලබාදී ඇති DPMC Workshop Matara පාරිභෝගිකයින් 5,000කට අධික සංඛ්‍යාවකට සේවා සපයා ඇත.

සමරවික්‍රම මහතා කියුට් රථය සමග

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් කළමනාකරු ලහිරු ජයසුමන මහතා අදහස් දක්වමින් කියා සිටියේ සමාගමෙන්ම මිලදී ගත් මෙම කියුට් රථයේ අලුත්වැඩියාවක් DPMC Workshop Matara වෙතින් සිදු කරවා ගැනීමට වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අදාළ සංචාරක හෝටලයේ හිමිකරු තීරණය කළේ මෙතෙක් කල් අපි ඔවුන්ට ලබාදුන් සේවා පිළිබදව උපරිමයෙන් සෑහීමට පත්වන නිසා බවයි.

“අපගේ නව පේන්ට් බූත් පහසුකම ආරම්භ කිරීමෙන් පසු ඕනෑම වාහනයක ටින්කරින් සහ පේන්ට් කටයුතු අපි ආරම්භ කළා. මේ පහසුකම ආරම්භ කර මාසයක පමණ කාලයක් තුළ මේ වන විටත් අපි වාහන 10කට අධික ප්‍රමාණයක් බොඩි රෙපෙයාර් සහ පේන්ට් කටයුතු සිදු කර තිබෙනවා, ” යැයි ජයසුමන මහතා පැවසුවේය.

මාතර නගරයට ආසන්නව ගාලු පාර, තල් අරඹ, කඹුරුගමුව යන ස්ථානයේ පිහිටා ඇති DPMC Workshop Matara වෙතින් සියලුම වාහන නඩත්තු, සේවා, අලුත්වැඩියා මෙන්ම බොඩි වොෂ් සහ ඩීටේලින් සේවාද ලබාගත හැකිය.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්ම පවත්වාගෙන යනු ලබන DPMC Workshop ජාලය මේ වන විට මඩපාත, මාතර සහ යාපනය යන නගරවල ක්‍රියාත්මක වන අතර තෝරාගත් නඩත්තු, සේවා සහ අලුත්වැඩියාවන් සදහා DPMC Workshop Express බදුල්ල, රත්නපුර, අනුරාධපුර, මතුගම, අම්පාර, කුරුණෑගල සහ මීගමුව යන නගරවල ස්ථාපිත කර ඇත.

DPMC Workshop සේවා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0114700600 ඇමතීමෙන් ලබාගත හැකිය.

DPMC Workshop Matara පරිශ්‍රයේ නව පේන්ට් බූත් පහසුකම විවෘත කළ අයුරු

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment