අද දින කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල වායු දූෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බැවින් එම ප්‍රදේශවල එළිමහනේ ගමන් කරන අයට අද දින (දෙසැම්බර් 08) මුව ආවරණ පැළදීම වඩාත් සුදුසු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
වායු දූෂණය ගණනය කරනු ලබන වායු තත්ත්ව දර්ශකයේ කොළඹ ආශ්‍රිත තත්ත්වය 181ක් ලෙස සටහන් වී ඇති අතර එම තත්ත්වය 150-200 අතරනම් එය සෞඛ්‍යාරක්ෂිත නොවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩි දුරටත් කියා සිටියේය.
මේ දිනවල බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවී තිබෙන කැළඹිලිකාරී තත්ත්වයත් සමග මෙසේ වායු දූෂණ තත්ත්වයේ වෙනසක් සිදු වී ඇති අතර එහි අහිතකර අංශු පැවතිය හැකි බවත් සෞඛ්‍ය අංශ අනතුරු ඇගවිය.
කෙසේ වෙතත් මෙම තත්ත්වය අද සවස වන විට පහව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශයෙක් පැවසුවේය.