කොවිඩ් යළි හිස ඔසවයි

by admindasun
0 comment 131 views

නව COVID-Omicron ප්‍රභේදය ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය පැතිර යන මෙවන් කාලයක ශ්‍රී ලංකාව තුළ කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම අතිශය ලෙස සීමා කර ඇති බැවින් හා ඒ සදහා අත්‍යාවශ්‍ය ප්‍රතික්‍රීයක හිගකම හේතුවෙන් බරපතල ව්‍යාප්තියක් අපේක්ෂා කළ හැකි බවත් ප්‍රභේද පිළිබද පරීක්ෂණ සිදු නොකෙරෙන බැවින්, පැතිර යමින් තිබෙන ප්‍රභේද පිළිබදවද නිශ්චිතව කිව නොහැකි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

මේ මොහොතේ සෞඛ්‍ය සේවාව පවතින අවධානම්, අවිධිමත් සහ සැලසුම් සහගත නොවන වටපිටාව යටතේ, අවම තරමින් ගෘහස්ථ ඒකරාශී වීම් සදහා පමණක් හෝ මුඛ ආවරණ පැලදීම අනිවාර්ය නොකලහොත්, නැවත අති විශාල කොවිඩ් රැල්ලකට මුහුණදීමට සිදු වනු නොඅනුමානය.

නව COVID-Omicron වෛරසයේ රෝග ලක්ෂණ ලෙස කැස්සක් හෝ උණට වඩා සන්ධි වේදනාව, හිසරදය, බෙල්ලේ වේදනාව, ඉහළ සිරුර පිටුපස වේදනාව, නියුමෝනියාව වැනි රෝග ලක්ෂණ ප්‍රකට බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

එම පර්යේෂණ වලට අනූව, මෙම ප්‍රදේයෙහි භායානක බව, ඩෙල්ටා ප්‍රභේදයට වඩා පස් ගුණයකින් පමණ වැඩි වන අතර මරණ අනුපාතය ද ඩෙල්ටාවට වඩා වැඩි බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. එසේම රෝගය දරුණු ලෙස වර්ධනය වීමට අඩු කාලයක් ගත වන අතර සමහර විට පැහැදිලි රෝග ලක්ෂණ නොමැත. වෛරසය ප්‍රජාව තුළ පැතිරී පෙනහළු වලට කෙලින්ම ආසාදනය වන අතර, එය වෛරස් නියුමෝනියාවට තුඩු දෙන අතර පසුව උග්‍ර ශ්වසන පීඩනය ඇති කරනු ලබන බව පැවසේ.

එනිසා ස්ථාන වලින් වළකින්න, විවෘත ස්ථානවල පවා මීටර් 1.5 ක දුරක් තබා ගන්න, ද්විත්ව ස්ථර ආවරණයක් පළඳින්න, සුදුසු මුව ආවරණ පළඳින්න, සහ සෑම කෙනෙකුටම රෝග ලක්ෂණ නොමැති විට (කැස්ස හෝ කිවිසුම් යාම) වේලාව නිතර නිතර අත් සෝදන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජයේ නීති එනතුරු නොසිට, ස්වයං ආරක්ෂාව සලසා ගන්නා ලෙස එම සංවිධානය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment