විදුලි උත්පාදනයට ඉන්ධන නෑ, කැළණිතිස්ස නවතී

by admindasun
0 comment 59 views

විදුලි උත්පාදනය සදහා නැප්තා ඉන්ධන නොමැති වීමෙන් පසුගියද සිකුරාදා සිට කැළණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු නැවතී ඇති බව විදුලු බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග උපුටා දක්වමින් The Sunday Morning පුවත්පත වාර්තා කරන්නේ සපුගස්කන්ද ඛණිජ තෙල් පිරිපහදුව ක්‍රියාත්මක නොවන බැවින් නැප්තා ඉන්ධන ලබාගත හැකි නිෂ්චිත දිනයක් තවමත් නොමැති අතර එනිසා කැළණිතිස්ස බලාගාරය යළි ආරම්භ කරන දිනයක් පැවසිය නොහැකි බවයි.
නැප්තා හෝ ඩීසල් ලැබුණහොත් පමණක් කැළණතිස්ස බලාගාරයේ විදුලු උත්පාදන කටයුතු සිදු කළ හැකි බව විදුලි බල මණ්ඩල ප්‍රකාශක ඇන්ඩෲ නවමිණි පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment