ගෝල්ෆේස් පහරදීමට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්

by admindasun
0 comment 77 views

අද අළුයම ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිටි ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මේ වන විට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙ.

ජනතා විමුක්ති පෙරමුණ, සමාජවාදී ශිෂ්‍ය සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම වෘත්තීය සමිති සාමාජිකයින්ද මෙම උද්ඝෝෂණයට සහභාවී ඇත.

අද අළුයම එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් සිදු කරන මෙම උද්ඝෝෂණකරුවන් අත්අඩංගුවට ගත 10කට ආසන්න පිරිස වහාම නිදහස් කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම තනතුරෙන් වහාම ඉවත් වන ලෙසටත් බල කර සිටිති.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment