ජනපති මැදුරට ගිය අයට නීතිමය පියවර

by admindasun
0 comment 85 views

කොළඹ කොටුව ජනාධිපති මන්දියර, අගමැති නිළ නිවස වන අරලිය ගහ මන්දිරය ඇතුළු රජයේ ආයතනවලට බලහත්කාරයෙන් ඇතුළු වී ඒවාට අලාභ හානි කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගියදා ආණ්ඩුවට සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතා පැවැත්වූ අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී දින ගණනක් එම දේපළ අත්පත්කර ගෙන සිටි බවත් එය නීති විරෝධී බවත් ඔහු පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment