ශ්‍රි ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා අද දින පාර්ලිමේන්තුවේදී පැවති ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ මහතා මහතා තේරී පත් වුණුබව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
එහිදී අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වුණු රනිල් වික්‍රමසිංහ මහතා මහතා ඡන්ද 134ක් ලබාගනෙ තිබුණු අතර ඩලස් අලහප්පෙරුම මහතා හිමි කරගෙන තිබුණේ ඡන්ද 82 කි. අනුර කුමාර දිසානායක මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 03 කි.
ජනතා විරෝධතා හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීම හේතුවෙන් ඇතිවුණු පුරප්පාඩුව සදහා නව ජනාධිපතිවරයෙකු ව්‍යාවස්ථානුකූලව තෝරා පත් කර ගැනීමට අවශ්‍ය වීම නිසා මෙම ඡන්ද විමසීම සිදු කෙරුණි.
ඡන්ද 223ක් ප්‍රකාශ කර තිබුණු අතර මන්ත්‍රීවරු 02 දෙනෙක් පැමිණ සිටියේ නැත. ඉන් ඡන්ද 04ක් ප්‍රතික්ෂේප වී තිබුණු අතර වලංගු ඡන්ද සංඛ්‍යාව වූයේ 219කි.
