නොරච්චෝලේ ගල් අගුරු බලාගාරය සදහා ගල් අගුරු ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීම සදහා යම් කිසි ප්‍රමාදයක් ඇති බව දැනගන්නට තිබේ.
මේ වන විට ලංකා ගල් අගුරු සමාගම නොරච්චෝලේ ගල් අගුරු බලාගාරය සදහා ගල් අගුරු ගෙන ඒමට ණයවර ලිපි 08ක් පමණ විවෘත කිරීමට කටයුතු යොදා ඇතත් මේ වන තෙක් ඒම කටයුතු සම්පූර්ණ කිරීමට නොහැකි වී තිබේ.
මේ සම්බන්ධයෙන් විමසූ විට ලංකා ගල් අගුරු සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ජගත් පෙරේරා පැවසුවේ එළඹෙන අගෝස්තු මාසය දක්වා අවශ්‍ය ගල් අගුරු තොග මේ වන පවතින බවයි.
කෙසේ වෙතත් මේ වන විට විවෘත කිරීමට බලාපොරොත්තු වන ණයවර ලිපි සම්බන්ධයෙන් මේ වන විටත් ස්ථිරව යමක් කිව නොහැකි බව ඔහු පැවසුවේය.
අප්‍රේල් සිට දෙසැම්බර් මාසය දක්වා මුහුද රළු බැවින් එම කාලය තුළ ගල් අගුරු ගොඩබෑමේ හැකියාවක් නොමැත. එනිසා දෙසැම්බර් දක්වා අවශ්‍ය තොග ලබන මස වන විට මෙරටට ලැබිය යුතුය.
පවතින ඉන්ධන හිගය සහ ජල විදුලිය සීමා වීම හේතුවෙන් විදුලි බලය දැඩි අර්බුදයකට ලක්ව ඇති තත්ත්වයක් තුළ නොරච්චෝලේ ගල් අගුරු බලාගාරය සදහා අවශ්‍ය ගල් අගුරු තොග නිසි පරිදි පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.
