ලංවා සංස්ථා සිමෙන්ති අද සිට

by admindasun
0 comment 61 views

නවීන තාක්ෂණයෙන් සපිරි ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ කර්මාන්තශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් හම්බන්තොට මිරිජ්ජවිලදී අද (07) පෙරවරුවේ විවෘත කෙරුණි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස අක්කර 63ක භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම කර්මාන්තශාලාව වාර්ෂිකව සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 4ක් නිෂ්පාදනය කරනු ඇතැයි අපේක්ෂිතය.

මුළුමනින්ම ස්වයංක්‍රියකරණය කරන ලද fully automated stacker reclaimer yard ඇතුළුව ගබඩා කාර්යක්ෂමව, අපතේ නොයන පරිදි තිරසර අන්දමින් බාගත හැකි bridge type ship unloaders වැනි  නවීන තාක්ෂණික අංග රැසකින් මෙම කර්මාන්තශාලාව සමන්විතය.

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීම සඳහා පනවන ලද සිමෙන්ති ආනයන තහනම හේතුවෙන් උද්ගත වී ඇති සිමෙන්ති හිඟයට පිළියමක් ලෙස දේශීය ඉදිකිරීම්කරුවන් සවිබලගැන්වීමේ සහ මෙරටට විදේශ විනිමය ලබා දෙමින් ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබා දීමේ ආයෝජනයක් බවට මෙය පත්වනු ඇති බව ආයෝජකයින්ගේ විශ්වාසයයි. උත්සව සභාවෙන් අනතුරුව ආරාධිත අමුත්තෝ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගී වූහ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment