ශ්රී ලංකාවේ පළමු වරට නිෂ්පාදනය කළ වාණිජ රථය ලෙස Mahindra Bolero City Pik-up රථය අයිඩියල් මෝටර්ස් විසින්ළ පසුගියදා මෙරට වෙළෙද පොළට හඳුන්වා දුන්නේය.
මේ අනුව, Bolero City Pik-Up රථය මෙරටදීම එකලස් කොට නිෂ්පාදනය කළ ප්රථම වාණිජ රථය බවට පත්වනු ඇත.
මෙහි සියලු නිෂ්පාදන කටයුතු සිදු කෙරුණේ 2019 වසරේ විවෘත කළ වැලිපැන්න ප්රදේශයේ පිහිටි Mahindra Ideal Lanka Automotive Assembly Plant නම් වූ මෝටර් රථ එකලස් කිරීමේ අංගනයේ දී ය.
Bolero City Pik-Up රථය නිෂ්පාදනය කොට ඇත්තේ ඕනෑම නාගරික මාර්ගයකට සුදුසු ලෙසින් වන අතර වැඩි බරක් ඉතා පහසුවෙන් ගෙන යා හැකි වීම ද මෙහි ඇති විශේෂත්වයකි. විශේෂාංග රැසක් සමඟින් එන මෙම රථය පහසු පැදවීමක් මෙන්ම වැඩි ඉඩකඩ සහිත කාර්ගෝ බඳකින් හා අධි බලැති එන්ජිමකින් ද සමන්විතය. සවිමත් සස්පෙන්ෂන් පද්ධතිය නිසා අසීරු මාර්ගවල වුවත් බරක් පටවා ගෙන අපහසුවකින් තොරව ධාවනය කිරීමේ හැකියාව ඇත. කැබින් කොටස ද වැඩි දියුණු කොට ඇති අතර සුවපහසු රියදුරු සහයක අසුනක් සහ තවත් විශේෂාංග රැසක් මෙහි ඇතුළත්ය. මේ නිසා නගරාන්තර වාණිජ ප්රවාහන කටයුතු වඩාත් සුවපහසුවෙන් ඉටු කරගන්නට නව රථය නිසා අවකාශ සැලසේ. මාස 12ක් දක්වා හෝ 50,000km ක් දක්වා වගකීම් කාලයක් ලබා දෙයි.
මීට අමතරව දීර්ඝ කරන ලද මාස 36ක් හෝ 100,000km දක්වා වගකීම් කාලයක්ද අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ලබා දෙයි.
හඳුන්වා දීමේ මිල රුපියල් 3,075,000 සිට ඉහළට ඇති මෙම රථය ඇති මඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ඉපැයීමේ හැකියාවන් වැඩි කරගැනීමට ඉතා පැහැදිලි ඉඩක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.